මාතලේ නගරයේ සිට කිලෝ මීටර් නවයක් පමණ දුරින් මාතලේ දඹුල්ල
ප්‍රධාන මාර්ගයටත් මාතලේ ගලේවෙල මාර්ගයටත් අතර පිහිටි ඓතිහාසික කවටයාමුණ මහා විහාරය සමස්ත බෞද්ධ ජනතාවගෙත්, විදෙස් බැතිමතුන්ගෙත් ගෞරවාදරයට බඳුන්
වූ අති පූජනීය විහාරස්ථානයකි.
බුද්ධ වර්ෂ 655 දී සොළි
පුරයට ගිය ගජබා රජතුමා සොළින් 12000 ක් රැගෙන පෙරළා පැමිණ ඔවුන්ගෙන් කොටසක්
මාතලේ ප්‍රදේශයේ පදිංචි කර වූහ. ඒ අතර සිටි කවටයා නැමති බලසම්පන්න මිනිසා
විහාරය ඉදිරිපිට පිහිටි වගා කරවීම සඳහා අමුණක් ඉදිකර ඇත. කවටයා විසින්
ඉදිකළ අමුණ පිහිටි නිසා මෙම ගම්මානය කවටයාමුණ නම් වී පවතියි.
බුද්ධ වර්ෂ 2343 වන අවධියේ කවටයාමුණ විහාරය පිහිටි භූමිය ලඳු කැලෑවක්ව
පැවතිණි. එකළ දොඹවෙලට වැඩම කළ වරාපිටියේ හිමියන්ගේ ශිෂ්‍ය යටවර සීලවංශ
හිමියන්ට කුඩා කුටියක් සාදවා වැඩ වාසය කිරීමට සැලසූහ. පසුව ගම්වැසියන්ට
ශිල්ප ශාස්ත්‍ර ඉගැන්වීම ද ආරම්භ කර ඇති අතර පසුව දායක පිරිසට වැඳුම්
පිදුම් කිරීමට සැලසූහ.
එකල සීවලී මහ රහතන් වහන්සේ ගේ ධාතු නමක් නිධන් කර අඩි 15 උසැති චෛත්‍යයක්
ඉදිකරවන ලදී. දඹදිවින් වැඩම කළ බෝධින් වහන්සේ නමක් රෝපණය කර වූහ. මා හැඟි
සේවා රැසක් ඉටු කළ සීලවංශ හිමිපාණන් අපවත්වීමෙන් පසුව මහවෙල විහාරාධිපති
අලුත්වැවේ සෝනුත්තර හිමිපාණන් වහන්සේ වැඩමවා විහාරාධිපතිත්වයට පත් කළහ.
විහාරගෙහි ඉදිකෙරුණු බුද්ධ ප්‍රතිමා වහන්සේගේ තැන්පත් කිරීම සඳහා යාපහුව ප්‍රදේශයෙන් ධාතුන් වැඩම කර ඇත.
දස දහස් ගණන් බැතිමතුන්ගේ පය ගැටුණු බෝධි මළුවටත් චෛත්‍ය රාජයාණන්ටත් ආලෝකය ලබා දෙමින් දොළොස් මහේ පහනක් ද මෙහි දැල්වේ.
මෙහි සර්වඥ ධාතු මන්දිරය බොහෝ බැතිමතුන්ගේ නමස්කාරය පිණිස විවෘතව පවතියි.
නීලමහ, නන්දිමිත්‍ර යෝධයන්ගේ දැවැන්ත පිළිරු නිර්මාණය කර ඇත.

No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.